Monday, January 23, 2023
HomeSri Lanka Newsසේව් ද චිල්ඩ්‍රන් ආයතනය ශ්‍රී ලංකාවේ දිලිඳු ජනතාවට ආධාර ලබාදීමට සැරසෙයි

සේව් ද චිල්ඩ්‍රන් ආයතනය ශ්‍රී ලංකාවේ දිලිඳු ජනතාවට ආධාර ලබාදීමට සැරසෙයි


ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 25 ක් ඇතුළුව ලක්ෂ 57 ක ජනතාවට හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බවට තොරතුරු හෙළිව ඇතැයි පසුගිය ජුනි මාසයේදී සේව් ද චිල්ඩ්‍රන් රාජ්‍ය නොවන සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව එම ආයතනය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ රැසක දිලිදු ජනතාව වෙත ආධාර ලබාදීමට අඛණ්ඩව පියවර ගනිමින් සිටිනවා.

කොළඹ ත්‍රිකුණාමලය මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දිළිදු ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සේව් ද චිල්ඩ්‍රන් ආයතනය කටයුතු කරනවා. ඒ යූඑස්.ඒඩ් ආයතනයේ සහයෝගය ද ඇතුවයි. පවුල් 19,000 කට මූල්‍යාධාර ලබාදීම මේ යටතේ සිදු වන අතර දැනටමත් පවුල් 3000 කට පමණ එම ආධාර සපයා අවසන්. මීට අමතරව පවුල් 10,000 කට පමණ කෘෂිකාර්මික උපකරණ ලබාදීමටද නියමිතයි.

දරුවන් අතර මන්දපෝෂණය දුරලීමේ අරමුණින්  රජයේ පාසල්වල ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද සේව් ද චිල්ඩ්‍රන් ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ යටතේ පාසල් 852 ක දරුවන් ලක්ෂයක් සදහා ආහාර ලබාදීමට නියමිත බවයි එම ආයතනය පවසන්නේ. මේ යටතේ දිස්ත්‍රික්ක 7 ක් ආවරණය කරනවා. දරුවන්ට නිවෙස් වෙත ආහාර සලාක රැගෙන යා හැකි   ක්‍රමවේදයක්ද  සකස් කිරීමට සේව් ද චිල්ඩ්‍රන් ආයතනය පියවර ගෙන තිබෙනවා.

 

 

 

The submit සේව් ද චිල්ඩ්‍රන් ආයතනය ශ්‍රී ලංකාවේ දිලිඳු ජනතාවට ආධාර ලබාදීමට සැරසෙයි appeared first on ITN Information.



Supply hyperlink

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments